අංගොඩ ලොක්කාට අයත්  රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ පිහිටි ඉබි යතුරු දමා සම්පූර්ණයෙන්ම වසා ඇති කාමර තුනකින් සමන්විත නිවාසයක් තුල එක් කාමරයක අල්මාරියක් ආකාරයෙන් සිමෙන්තියෙන් තනන ලද කබඩ් එකක් තුළ මෙම හෙරොයින් මත්කුඩු තොග සහ ගිනිඅවි සඟවා තිබියදී  පොලීසිය විසින් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
මත්කුඩු කිලෝ 42 ක ට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි තුනක් ,නයින් එම්.එම් වර්ගයේ ගිනි අවියක් ,ටී 56 උණ්ඩ යෙදිය හැකි මැගසින් පහක් හා ටී 56 ජීව  උණ්ඩ 170 පොලිස් භාරයට ගෙන ඇත
 ඉකුත් 24 වෙනිදා ඩුබායි රාජ්‍ය රාජ්‍යයට පලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ පාතාල නායකයෙකු ,ලෙස සැලකෙන සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග සමග සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් තිදෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී මෙම සඟවා තිබූ ගිනි අවි පිළිබඳ තොරතුරු හෙළි වූ බව පොලිසිය පැවැසීය.
බස්නාහිර  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත්  නන්දන  සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත පොලිස් පරීක්ෂක දුනු සිංහ,පොලිස් කොස්තාපල්වරුන් වන 70450අමිල 69480කුමාර 61780සඳ රුවන් ,83973දිලංක 84333වික්‍රමනායක 72701ධනුෂ්ක මහත්වරු පරීක්ෂණ පවත්වයි
සමීර අබේසිංහ – නුගේගොඩ සමුහ

More Stories