අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.

නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Similar Posts