අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති.
බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.