හැටන් ප්‍රදේශයේ සැරි සරන අයාලයේ යන සුනඛයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දත්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල අයාලයේ යන සුනඛයන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය.
මෙසේ අයාලයේ යන සුනඛයන් හේතුවෙන් තම පාසල් යන දරුවන්ද දැඩි බායකට පත්ව ඇති බවත් එම තත්වයන් මත තම දරුවන් පාසල් යාමට පවා බියකට පත්ව ඇති බවද එම පිරිස් පවසති.
මෙසේ අයාලයේ යන සුනඛයන් හේතුවෙන් මෙම ප්‍රදේශය තුල ජල බිතිකා රෝගයද ඉහල යාමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබවද අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්