වසර 2023 – 2024 හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන මත්පැන් නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් කෝටි 1800ක (රුපියල් බිලියන 1.8) මුදලක් හිඟ බදු ලෙස අයවීමට ඇතැයි ද එම මුදල් නොගෙවන අයට බලපත්‍ර නොදීමට තීරණය කර ඇතැයි ද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ‘දිනමිණට’ ප්‍රකාශ කළේය.

සෑම වසරකම ආරම්භයේදීම සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක, එය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ, ඊට ඇති වන බාධා සහ ඒවා විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ මාස තුනෙන් තුනට මත්පැන් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායක් පවතියි. ඒ අනුව මේ වසර සඳහා පැවැත්වෙන හතර වැනි සමාලෝචනය කොළඹ, රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුවේදී පැවති අතර ඊට මෙරට මත්පැන් නිෂ්පාදන ආයතන විසිහතෙහිම නියෝජිතයන් පැමිණ සිටීම විශේෂත්වයක් බව ද ගුණසිරි මහතා කීය.

More Stories