බංග්ලාදේශයේ ඇරැඹි ජන අරගලයට සමගාමීව මෙරට ජන අරගලයට මුල් වූ සමාජ ක්‍රියාකාරීන්ගේ සියලු ක්‍රියාකාරකම් වහාම අධ්‍යයනය කිරීමට මෙරට බුද්ධි අංශවලට උපදෙස් ලැබී ඇත.

ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බංග්ලාදේශයට සමගාමීව මෙරට තුළද අරගලකාරී වාතාවරණයක් ඇති කිරීමට අරගලයට මුල් වූ ක්‍රියාකාරීන් උත්සාහ කරන්නේද යන්න අධ්‍යයනය කිරීම සඳහාය.

ඒ අනුව මෙරට අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාලා ක්‍රියාකාරකම් මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් වෙන වෙනම අධ්‍යයනය කිරීමට සියලු බුද්ධි අංශවලට උපදෙස් ලබාදී ඇත.

Similar Posts