amercia

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථක ගැටළු විසදා ගැනිම සදහා අමෙරිකාවේ සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ඔහු සදහන් කළේ එලෙස යම් මුදල් ආධාරයක් ලැබුණත් ඒවා අවභාවිතාවීමේ විශාල ඉඩකඩක් පවතින බවට අමෙරිකාව ද ප්‍රකාශ කර ඇති බවයි.

මේ වනවිට රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්ම කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා.

මෙවැනි දුෂ්කර මොහොතක සියලු දෙනා කළයුත්තේ රටට එරෙහිව ජාත්‍යන්තරයට කේලාම් කීම නොව රටට අවශ්‍ය සහයෝගය ලබාගැනීමට කටයුතු කිරීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ.

Similar Posts