law

ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (09) මෙම නියෝගය නිකුත් කළේය.චෝදනා හතරට රුපියල් 5000 බැගින් රුපියල් විසි දහසක දඩයක්ද අගතියටපත් පැමිණිලිකාර ටිපර් රථ රියැදුරාට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය.

අදාල දඬුවම් කාලය තුළදී චූදිතගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

Similar Posts