බුත්තල – කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා තිබේ.
එම මාර්ගයේ දී වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදුකරන අවස්ථා දක්වමින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්රවෘත්ති පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙම තත්ත්වය වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස වනජීවි අධ්‍යක්ෂෙජනරාල්වරයාට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල – කතරගම පාරේ රැඳී සිටින වනඅලින් වනාන්තරයට පළවා හැරීමටත්, වාහනවලට අනතුරු සිදුකිරීම වළක්වාලීම සඳහාත් ජංගම රථ යොදවා මෙහෙයුම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.