alluthgama

අලුත්ගම ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවී තිබූ අයුරු. මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟී ජනතාව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ගමන් කිරීමට නොහැකිව මහත් අපහසුතාවට පත් වූහ.

සුළු වැස්සක දී පවා අලුත්ගම දුම්රියපළේ පියගැටපෙළ ආසන්නය දක්වා ජලය ගැලීමෙන් මඟී ජනතාව නිරන්තර පීඩා විඳිති. දුම්රිය ස්ථානය අසල මාර්ගයේ ජලය බැසයාමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම මීට හේතුව බව දුම්රිය මඟීහු පවසති.

Similar Posts