පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබේ.

පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වෙළෙඳපොළ තුළ සෑම භාණ්ඩයකම මිල දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර,  ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවයි.

ඉන්ධන මිල පහළ දැමුව ද කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල ඊට සමගාමීව පහළ ගොස් නොමැති බව පාරිභෝගික ජනතාව පවසයි.

More Stories