හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරිමට එම නගරවල කූට වෙළදුන් පිරිසක් ක්‍රියාත්මක විමත් සමග තමන්ට අඩු මිලට එලවළු ආදිය ලබා ගැනිමට නොහැකිවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ සිංහල හින්දු අලුත් අවුරු සමය තුලදි හැටන් හා දික්ඔය නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් පවතින බවත්ය.

මේ වන විට එම නගරවල වෙලද සැල්වලට වඩා අඩු මිලට මෙම පදික වෙළදුන්ගෙන් හැකි බවත්ය වීශේෂයෙන් එළවළු ලබා ගත හැකි බව පවසන එම පිරිස් උදාහරණ ලෙස වෙළද සැල්වල ක්‍රිලෝව රුපියල් 380ත් 420ත් අතර මිලකට අලෙවි කරන රතුළුණු ක්‍රිලෝව රුපියල් 300ත් 320ත් අතර මිලකට පදික වෙළදුන්ගෙන් ලබා ගත හැකි බවත්ය.
එමෙන්ම වෙලද සැල්වල බෝංචි ක්‍රිළෝව රුපියල් 340ත් 400ත් තක්කාලි ක්‍රිලෝව රුපියල් 380ත් 400ත් අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 400ත් 450ත් අතර මිලකට අලෙවි වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 200ත් 220ත් තක්කාලි ක්‍රිලෝව රුපියල් 200ත් 240ත්, අමුමිරිස් ක්‍රිලෝව රුපියල් 300ත් 340ත් අතර මිලකටද අනිකුත් එලවළු වර්ගද වෙලද සැල්වලට වඩා රුපියල් 50ත් 75ත් අතර අඩු මිලකට පදික වෙළදුන්ගෙන් ලබා ගත හැකි බවද එම පිරිස් පවසති.
එලවළුවලට අමතරව තවත් බොහෝදේ වෙළද සැල්වලට වඩා අඩු මිලකට පදික වෙළදුන්ගෙන් ලබා ගැනිමට හැකි බවත් එවන් තත්වයන් මත නගරයේ කූට වෙළදුන් පිරිසක් ප්‍රදේශයේ අහිංසක ජනතාව උත්සව සමය තුලදි දැඩි ලෙස ගසා කැමේ අරමුණ මත මෙම පදික වෙළදුන් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් කරමින් සිටින බවත් මෙම කුමන්තුණයෙන් එකි වෙලදුන් ජය ගත හොත් එයින් ප්‍රදේශයේ පාරිභෝගිකයන් වන තමන් මෙම උත්සව සමය තුලදි දැඩි දුෂ්කරතාවයකට පත්වන බවද ඔවුන් පවසති.

හැටන් දික්ඔය නගර සභාව දිපවාලී, තෛයිපොංගල් වැනි උත්සව සමයන් තුලදිද පදික වෙළදාම සදහා ඉඩ ලබා දෙන බවත් එවන් තත්වයන් මත සිංහල හිංදු අවුරුදු සමය තුලදි මෙම පදික වෙළදුන් ඉවත් කිරිම දැඩි අසාධාරනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.
මෙම තත්වයන් පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගෙන් කල විමසිමකදි මෙම තත්වයන් පිලිබදව සොයා බලා අවශය කටයුතු කිරිමට පියවර ගන්නා බව පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories