covid infections and deaths

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ සිටි ඥාතිකයෙකු ගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා සඳහන් කරනවා.

මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්‍රයෙන් 52ක් පී.සි ආර් පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකුගේ පි.සි ආර් පරීක්ෂණ වාර්තා ඊයේ (22) රාත්‍රියේ ලැබූණු බව ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළා.

එම පරීක්ෂණ වාර්තා වලට අනුව 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

More Stories