අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි මහින්ද යන පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16 වැනිදා) දැනුම් දුන්නේය.
අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගත් කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකු වෛද්‍යවරුන් බව අනාවරණය වී ඇතැයිද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.
සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා අංගොඩ මානසික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.