ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය වෙනුවෙන් හැටන් සිමාවේ බලමුළු ඒකරාශීක කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප 04 එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ. ආර්. එම්. තස්ලිම් (කකා හජ්ජි) මහතා පවසයි.

හැටන් අංක 04 එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්විම් ලබා ගැනිමෙන් අනතුරුව හැටන්හි පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු තස්ලිම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙයට අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා එදා ගැස් සිලින්ඩරයක් ගන්න ලාම්පු තෙල් ටිකක් ගන්න කිරි පිටි පැකට් එකක් ගන්න වාහනට තෙල් ටිකක් ගහා ගන්න කොයි තරම් දුකක් වින්දද කොයි තරම් කාලයක් පොලිම්වල හිටියද.

ඒ වගේම විදුලිය නැතිව දවසේ පැය කියක් නම් හිටියද එත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගැනිමෙන් පසු මේ සියලුම තත්වයන් වෙනස් වෙලා කිසිම පොලිමක් නැතිව ගෑස්, ලාම්පුතෙල්, ඉන්දන, කිරි පිට ලබා ගන්න හැකි වුනා.

රනිල් වික්‍රමසිංහ මහතාට මෙය නිසි ලෙස කරන්න හැකි වුනේ ඔහු පිලිබදව ලෝකයේ විවිධ රටවල්වල තිබුන විස්වාසය නිසායි ඔහු පිලිබදව විස්වාසයක් තිබුන රටවල් අපේ රට නැවත ගොඩ ගන්න උදවු කල නිසා අද වන විට මේ රට මේ තත්වයට පත් වෙලා තියෙනවා.

එම නිසා ඉදිරි අවුරු 05 සදහාත් මේ රටේ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරිමට අපි කටයුතු කරන්න ඕන ඒ සදහා හැටන් නගරයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, සියළුම දෙනා එකට සංවිධානය කිරිමට  කටයුතු කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts