doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

වසර හතරක කාලයක් තුළදී විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු එක්දහස් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

මෙසේ රට හැර ගිය වෛද්‍යවරු අතර විශේෂඥ වෛද්‍යවරු පන්සියයකට ආසන්න පිරිසක් සිටිති. දත්ත වාර්තාවලට අනුව විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු එක්දහස් හයසිය පනස්පහක් රට හැර ගොස් තිබේ. මෙයින් වෛද්‍යවරු 573ක් පසුගිය වසර හතරේදී සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා රට හැර ගොස් තිබේ.

එසේම වෛද්‍යවරු 1082ක් වැටුප් රහිත නිවාඩු ලබාගෙන මෙරටින් පිටව ගොස් ඇත. වැඩිම වෛද්‍යවරු සංඛ්‍යාවක් රට හැරගොස් ඇත්තෙ පසුගිය වසරේ වන අතර එම සංඛ්‍යාව 706 කි. දත්ත වාර්තාවලට අනුව තවද 2020 වසරේදී වෛද්‍යවරු 106ක් 2021 වසරේදී වෛද්‍යවරු 259ක් 2022 වසරේදී වෛද්‍යවරු 584ක් රට හැර ගොස් ඇත. රටේ පවතින ආර්ථික අස්ථාවරත්වය සහ සමාජ දේශපාලන ක්‍රමය කෙරෙහි විශ්වාසයක් නොමැතිවීම මත මෙසේ වෛද්‍යවරු රට හැර යාමට පෙලඹී තිබේ.

මේවනවිට රෝගින් හත්සිය පනස්දෙනෙකු පරීක්ෂාවට ලක්කිරීමට සිටින්නෙ එක් වෛද්‍යවරයකු බවත් මෙම තත්ත්වය මත ප්‍රාථමික සෞඛ්‍ය සේවාව බිඳ වැටී ඇති බවත් මේ සම්න්ධව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය.

More Stories