වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
අදාළ වංචාවලට නිසි පියවර නොගැනීම හේතුවෙන් කොමසාරිස්වරයා අදාළ තනතුරින් ඉවත් කළ යුතු බවයි, එම සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා අනුරාධපුරයේදී අදහස් පළ කරමින් ප්රකාශ කළේ.
විභාග වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබුවන් විභාග රාජකාරී අත්හිටුවීම හැර වෙන කිසිම වෙනත් ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවට සභාපතිවරයා චෝදනා කරනවා.
2015 වසරේ සිට මේ දක්වා බරපතළ ගණයේ විභාග වංචා 439ක් සිදුව තිබේ.