ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාජ උසාවියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරිස් සැමුවෙල් ක්‍රිස්ටියන් නම් මෙම පුද්ගලයා 2019 වසරේ සිට මෙම ව්‍යාජ උසාවිය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

ඔහු මෙම ව්‍යාජ උසාවියේ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින්, ගාන්ධිනගර් ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන්ට පක්ෂව නඩු තීන්දු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සැබෑ උසාවි කාමරයක් සිහිගන්වන ව්‍යාජ විනිශ්චය සභාවක් තුළ හිඳිමින් මහජනයාව රවටා කටයුතු කිරීම නිසා මොහුව අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලීසිය පවසනවා.

More Stories