මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ පදිංචි කාන්තාවකගේ අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බිය අසුලා ගත් පාසල් සිසුවියක් එම මුදල් පසුම්බිය මස්කෙළිය පොලිසියට බාර දිමෙන් පසු මස්කෙළිය පොලිසිය විසින් එම මුදල් පසුම්බිය අයිතිකාරියට බාර දිමට පියවර ගෙන ඇත.
මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ කාන්තාවක් කොළඹ බලා ගමන් කිරිමට ත්‍රිරෝධ රථයකින් බස් නැවතුම්පල වෙත පැමිනෙන විට එම කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථාන ගතවි ඇත.
මේ පිලිබදව මෙම කාන්තාව මස්කෙළිය පොලිසිය වෙතද පැමිනිලි කර ඇති අතර ඒ වන විට මස්කෙළිය ශා/ජෝසප් විදුහල වෙත යමින් සිටි එම විදුහලේ උසස් පෙල හදාරන බාලක්‍රිෂ්ණන් අබිනයා යන සිසුවිය මාර්ගයේ වැටි තිබු එම මුදල් පසුම්බිය අසුලා පාසල අසල රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියාට බාර දිමය පියවර ගෙන ඇත.
ඒ අනුව එම පොලිස් නිලධාරියා විසින් එම මුදල් පසුම්බිය මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. පි. එස්. පුෂ්පකුමාර මහතා වෙත බාරදිමෙන් පසු අදාල කාන්තාව කැදවා එම මුදල් පසුම්බිය එම කාන්තාවට බාර දිමට පියවර ගෙන ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්