අස්වැසුම දෙවන අදියර සුබසාධක වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන පළමු අවස්ථාවේදී ප්රතිලාභය අපේක්ෂාවෙන් අයදුම්පත් 455,000ක් ලැබී තිබෙනවා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එම සියලුම අයදුම්පත් ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පද්ධතිගත කිරීම සිදු කරන බව සඳහන්.
එහි දෙවන අදියරයට අදාළ සංගණන කටයුතු මැතිවරණ හේතුවෙන් අත්හිටුවීමටයි එම කොමිෂන් සභාව කටයුතු කළේ.
ඒ හේතුවෙන් සුබසාධනය ලැබිය යුතුම ජන කොටස් මෛ වැඩසටහනකින් ආවරණ කළ යුතු බැවින් තවදුරටත් මෙම වැඩසටහනට ඉල්ලුම් කිරීමේ කාලය දෙසැම්බර් මස 09 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගත්තේ.
ඒ අනුව අයදුම්කරුවන්ගේ නිවෙස්වලට ගොස් වැඩිදුරට තොරතුරු රැස් කිරීමේ දෙවන අදියරයේ සංගණනය ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
එදිනට පෙර අයදුම්පත් තොරතුරු පද්ධතියට ඇතුළත් කරනු ඇති.