අඩු ආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබා දීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, දසවන පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ය.
මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ අරමුණු කාරක සභාවට හදුන්වා දෙමින් නිලධාරීන් පෙන්වා දුන්නේ, දැනට මිලියන 1.7 කට ආසන්න පිරිසක් අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා බව ත් ඉදිරි වසර 5ක කාලය තුළ ඉන් මිලියන 1.5ක් සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ අරමුණ බව ත් ය.
එසේ ම, 2025 වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔවුහු පැවසූහ.
තව ද, ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධන සහ සමාජ සුබසාධනය යන මානයන් ත්‍රිත්වය ඔස්සේ ආයතන 10ක්, අමාත්‍යාංශය යටතේ කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්රතිලාභ ලබා දීම සදහා තෝරා ගැනීම මෙන් ම එය ලබා දීම මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බව ත් එම ජනතාව ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් හරහා අඩුආදායම් තත්ත්වයෙන් මුදවාගෙන සවිබල ගැන්වීම සඳහා තම අමාතයාංශය කැපවී කටයුතු කරන බව ත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තව ද, මෙම මෙම අස්වැසුම දත්ත පද්ධතියේ අඩුපාඩු පවතින බැවින් එම දත්ත පද්ධතිය නැවත යාවත්කාලීන කිරීම සදහා මේ වන කමිටුවක් පත් කර ඇති අතර ඒ අනුව කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා අවධාරණය සඳහන් කළේ ය.
එසේ ම, අඩු ආදායම්ලාභීන්ට විශ්‍රාමවැටුප් හා සමාන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දීම, සමාජ සවිබල ගැන්වීමේ ආදර්ශ ගම්මාන හරහා ක්‍රියාත්මක වන ‘සුහුරු ගම්මාන’ වැඩසටහන, ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව, ආබාධ සහිත ප්‍රජාවගේ ගැටලු, වකුගඩු රෝගීන්ගේ ගැටලු යනාදිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.