derana news today

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 454,924ක් ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරයි.

ඉන් වැඩිම අයදුම්පත් සංඛාවක් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ලැබී ඇති බවයි වාර්තා වෙයි.

අස්වැසුම පළමු අදියර යටතේ 1,854,000ක් සඳහා ප්‍රතිලාභ ගෙවීම් සිදුකරනු ලබන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

Similar Posts