derana news today

අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතයි.

ගැටලු නිරාකරණය වි ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදුකෙරෙන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

More Stories