corona

අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 48ක කාලය තුලදි පුද්ගලයන් 188 දෙනකු සදහා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කල බවත් එම පරික්ෂන මත 91 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත්ය.

මෙසේ හදුනා ගත් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයන්ය ලක් කර ඔවුන්ද රැපිට් ඇන්ටිජන් පරික්ෂාවලට ලක් කරන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මේ අතර හැටන් ප්‍රදේශයේ අවුරුදු 82ක් වයැසැති කාන්තාවක් කොවිඩ් ආසාදිතව නිවසේම මිය ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මෙම කාන්තාව 24වන දින නිවසේදිම මිය ගොස් ඇති බවත් එම මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලට රැගෙන ගොස් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කිරිමෙන් පසු එම කාන්තාව කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

එම තත්වයන් මත එම කාන්තාවගේ අවසන් කටයුතු කොවිඩ් උපදෙස් මත සිදු කිරිමට පියවර ගෙන ඇති බවත් එම කාන්තාවගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්සාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories