2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ එය දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවයි.
මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ලිපි ගොනු පොලීසිය වෙත භාරදීමේ ක්‍රියාවලිය සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් නඩු පැවරීමේ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.