ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

More Stories