කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹ පටි කපා සොරකම් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඊයේ (07) දන්වා සිටියේය.
කොළඹ මහ නගර සභාවේ ප්රධාන ආරක්ෂක නිලධාරි අශෝක ජයරත්න විසින් කරන ලද පැමිණිල්ලක් මත, එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නගර සභා ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිලිණ ගමගේ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.