dailyreporter

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකයකු ලෙසද කටයුතු ක අභාවප්‍රාප්ත ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්දන් මහතාගේ අභාවය පිලිබදව සමස්ථ කදුකර ජනතාවගේ බලවත් ශෝකය පල කරන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන්කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පවසන ලදි.
දිර්ග කාලයක් තිස්සේ දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස උතුරු නැගෙන හිර ඇතුළු සමස්ථ දෙමළ ජනතාවගේ විවිධ ප්‍රශ්න පිලිබදව දැඩි අවදානයක් යොමු කරමින් එම ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිලිබදව නිරන්තරයෙන් සොයා බැලු ආර් සම්බන්දන් මහතා මේ රටේ සිංහල මෙන්ම මුස්ලිම් ජනතාවගේද ප්‍රශාදයට ලක්වු දේශපාලකයෙක්.
ඔහු ශ්‍රිලංකා පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකකමද උසුලමින් එවකට පාර්ලීමේන්තුව නියෝජනය කල විපක්ෂයේ මෙන්ම ආන්ඩු පක්ෂයේද ප්‍රශාදය දිනා ගනිමින් කටයුතු කල උදාර දේශපාලකයෙක් බවත් කිවයුතුයි.
ඔහුගේ අභාවය මේ රටේ සමස්ථ දෙමළ ජනතාවට මෙන්ම මේ රටේ සිංහල මුස්ලිම් සියලුම දෙනාට බලවත් පාඩුවක් බවත් එතුමාගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටින එතුමාගේ පවුලේ සියළුම ඥතින් වෙත සමස්ථ ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ හා කදුකරයේ සමස්ථ ජනතාවගේ ශෝකය පුද කරන බවද ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts