arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

අනුරාධපුර පොලිස්වසමේ පිහිටි ආරන්‍ය සේනාසනයක වැඩවිසු බාලවයස්කාර සාමනේර හිමිනමක් හා උන්වහන්සේගේ සහෝදරයාට බරපතල ලිංගික අතවරයක් සිදුකල නායක හිමිනමක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ළමා රක්ෂන අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මකවු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සැකකාර ආරන්‍ය සේනාසනයේ වැඩවසනා චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පොලිස්වසමේ ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි ආරාන්‍ය සේනාසනයක වැඩවසන චීවරධාරියෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනා අතර වයස අවුරුදු 12ක් වන බාලවයස්කාර සාමනේර හිමියන් හා වැඩිමහල් සොයුරා මේසේ අතවරයට පත්වි තිබේ.

කොවිඩ් 19 වසංගතය නිසා සාමනේර හිමියන්ගේ වැඩි මහල් සහෝදරයා වන 15 හැවරදි බාලවයස්කාර පාසල් සිසුවාත් ආරන්‍ය සේනාසනයට නිවාඩු ගතකිරිමට පැමිණ තිබෙන අතර වයස්ගත චීවරධාරියා විසින් විටින් විට බාලවයස්කරුවන් දෙදෙනාටම අතරවර සිදුකර තිබෙනා බව පොලිසිය පවසයි.

බාලවයස්කරුවන් චීවරධාරියාගේ බරපතල ලිංගික අතවරයට ලක්වන බවට දැනගත් කිසියම් අසල්වාසි පුද්ගලයෙකු විසින් ළමාරක්ෂන අධිකාරියට පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙනා බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් වයස්ගත චීවරධාරියා පාදයක අබාධයක් නිසා අත්වාරුක් පවා භාවිතා කරන බව පවසන පොලිසිය ඔහුගෙන් ලිංගික අතවර සිදුකිරිම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගන්නා බව පොලිසිය පවසයි.අත්අඩංගුවටගෙන සිටින සැකකාර චීවරධාරියා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts