මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදීද 2,500 සීමාව ඉක්වා ගියා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 2568 ක්. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද එක් ලක්ෂ 31,098 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 23 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් පාලනය සිදුකෙරෙන සමස්ත ක්‍රියාවලිය විධිමත්ව නිරීක්ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ තමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බවයි.
රට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගෙන් සියයට 75 ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බවයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙන්නේ.
වාර්තා වන රෝගීන්ගෙන් සියයට 17 කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවක් පවතින බවත් ඉන් සියයට 5 ක පමණ ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරිමට සිදුවන බවත් හදුනාගෙන ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.
පළාත් අතර සංචරණ සීමා තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම් වනවා. අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින්ට සිය රාජකාරී හැදුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර වෙළදසැල් ඇතුළු අනෙකුත් ආයතන සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.