food

ගංවතුර හා නියඟය හේතුවෙන් ඇතිවන ආහාර හිඟය මත ඉදිරියේදී ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනයනකරුවෝ සදහන් කරයි.

චීනය, පාකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇති වු බැවින් එහි වගාබිමි විශාල ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමිවන බවට ලෝක ආහාර සංවිධානයේ අවධානය යොමුවී ඇත.

එනිසා ඉන්දියාව සිය සහල් අපනයනය නතර කර ඇති බවත් බී ලූණු මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි මාස දෙක තුනේදී අල, කඩල, ලූණු, මිරිස් හා කුළුබඩු ආදියේ මිල තවදුරටත් ඉහළයාමේ අවදානමක් මතුව ඇති බවද ආනයනකරුවන් සදහන් කරයි.

More Stories