වතුකරයේ ඇතැම් දේශපාලකයන් වතු කම්කරුවන් විවිධ ගැටුම්කාරි තත්වයන්ට පත් කිරිමේ අරමුණින් කටයුතු කිරිමත් සමග වතුකරය තුල නැති ප්‍රශ්නකාරි තත්වයන් නිර්මාණයවිමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ ජනතාව ඉතාමත් සාමකාමි ලෙසට ජිවත් වෙනවා එත් සමහර දේශපාලගකයන් මේ වන විට ඔවුන්ගේ පාක්ෂියන්ද සමග විවිධ ස්ථානවලට ගොස් විවිධ ගැටුම්කාරි තත්වයන් ඇති කිරිමට උත්සහා කිරිම තුලින් වතුකරය තුල විවිධ ගැටුම්කාරි තත්වයන් නිර්මාණය විමේ අවදානමක් පවතිනවා.

මේ සමහර දේශපාලකයන් කරන මෙවැනි නාටයන් දැඩි පිලිකුලෙන් හෙලා දැකිය යුතුයි මොකද මෙවැනි නාටක හේතුවෙන් මේ වතුකරයේ අහිංසක වතු කම්කරුවන් විවිධ ගැටුම්කාරි තත්වයන්ට පත් විය හැකියි.

මෙවැනි නාටක තුලින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනිමට හැකි වෙතැයි යම් දේශපාලකයන් පිරිසක් සිතනාවන් එය ඇත්තටම මුලාවක් මොකද අද මේ වතු කරයේ සිටින විශේෂයෙන් තරුණ පිරිස මෙවැනි දේශපාලකයන් හෙලා දැකිමට පියවර ගන්නවා එම නිසා මේ වතුකරය තුල පවතින සාමකාමි බව නැති කිරිමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම් එම පිරිස ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදි දේශපාලන භුමියෙන් ඉවත් කිරිමට එම තරුණ පිරිස කටයුතු කරන බවයි මාගේ හැගිම.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි විය යුතුයි එය අනිවාර්යෙන් සිදුවිය යුතු දෙයක් එහෙත් එම ප්‍රශ්නය ගැටුම්කාරි නොවන අකාරයෙන් සාකච්චා මාර්ගයෙන් සිදුකර ගැනිමට පියවර ගත යුතු බවයි මාගේ හැගිම.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts