කොරෝනා වෛරසය හේතුවෙන් දින දෙකක ඇදිරි නිතියෙන් පසුව කෙටි කාලයකට ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක.

තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ මෙන්ම ලාම්පු තෙල් ලබා ගැනිමට මෙම පිරිස මෙසේ දිගු පොලිම්වල සිටින අතර මෙම ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් නගරය පුරා පොලිස් නිලධාරින් යෙදවිමටද පියවර ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

එමෙන්ම හැටන් නගරයේ විසබිජ හරනය කිරිම සදහා සේවකයන් යෙදවිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සදභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලදි.

හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ ගමන් පහසුව සදහා ග්‍රාමිය හා වතු මාර්ගවල බස් රථ ධාවනයට එක් කිරිමට පියවර ගත් බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු හා හැටන් පුද්ගලික බස් රථ කාර්යාලයේ නිලධාරියකුද පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories