ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.

බෙර හඬ, ලෝමහංස, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, ධවල භීෂණ ඇතුලු නාට්‍ය රැසක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේය.

වේදිකාවෙන් පුංචි තිරයට පා තැබූ ජැක්සන්, ටෙලිනාට්‍ය කලාව තුළ කළ හරඹ ලාංකේය ටෙලි ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරිනි.

ඇල්ල ළඟ වළව්ව, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ආදී ටෙලිනාට්‍යවල ජැක්සන්ගේ භූමිකා අදටත් ජනප්‍රසාදිතයි.

රිදී තිරයේ නූතන රංග පෞරුෂය වූ ජැක්සන් ඇන්තනී සිනමාගමනය සිදුවන්නේ 1993 වසරේදීය.

විසි දැල, ලොකු දුව, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, ගරිල්ලා මාකටින් ඇතුලු සිනමා පට රැසකට රංගන දායකත්වය දුන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානයෙන් 16 වරක් පිදුම් ලබා තිබේ.

More Stories