පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය 19 වැනිදා පෙරවරු 8 ඉවත් කර යලි පස්වරු 2ට පනවන බව සදහන් වෙයි.

පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, පුත්තලම කොට්ඨාසයේ පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ සහ සාලියවැව පොලිස් බල ප්‍රදේශවලටයි.

හලාවත කොට්ඨාසයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව සහ ආරච්චිකට්ටුව යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව පොලීසිය සඳහන් කළේ ය.

More Stories