ලංකා කම්කරු කොංග‍්‍රසයයේ නායක සහ ප‍්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් ඇමති ආරුමුගන් තොන්ඩමන් මහතා ඊයේ රාත‍්‍රී හදිසියේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. පසුගිය දිනවල තරමක් අසනීප තත්වයෙන් පසුවූ ඇමතිවරයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නිවසේදී හදිසියේ ඇදවැටී ඇතැයි පැවසෙන අතර වහාම ඔහු තලංගම රෝහලට ඇතුලත් කර තිබේ.

රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව පැවසේ.

1964 මැයි 29 දින උපත ලැබූ සෞම්‍ය මූර්ති අරුමුගන් රාමනාදන් තොන්ඩමන් නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ 1999 වසරේදීය.

රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ඔහු මෙරට වතු කම්කරු නායකයා මෙන්ම කලක් මෙරට රජුන් තනන්නා ලෙස හැඳින්වුණු සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ මුනුබුරාය.

More Stories