දොඩන්ගොඩ, තුඩුගල මාර්ගයේ ඇල්ල පහල පාලම දිරා අබලන්ව රථ වාහන ගමනා ගමනය සීමාකර ඇතත් එය නොතකා බර වාහන ගමන් කිරිමෙන් බරපතල අනතුරක් අත ළගයැයි, ප්‍රදේශයේ ජනතාව අනතුරු අගවති.

යටතේ විජිත සමයේ ඉදිකල බව කියැවෙන මෙම පාලමේ යකඩ ගරාදි දිරාපත්ව අවස්ථා කිපයකදි තාවකාලික ප්‍රතිසංස්කරණ මුක්කු යොදා තිබේ.

පාලම අබලන් නිසා බර වාහන ගමනා ගමනය තහනම් කරමින් ඒ බව කියා මාර්ග සංවර්ධන අධිකාරිය පාලම අසල බෝඩ් ලෑල්ලක් එල්ලා ඇතත් එය කිසිදු සැලකිල්ලකට නොගෙන අධික බර පැටවු විශාල වාහන පාලම මතින් ගමන් කරන අයුරු දැකගතහැකිය.

තුඩුගල සිට තෙබුවන, නාර්තුපාන, හොරණ, බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ රැසකට ගමනාමන කටයුතු සිදුකරන මෙම පාලම අළුත්වැඩියා කරදෙන්නැයි ප්‍රදේශවාසින් වගකිවයුත්තන්ගෙන් ඉල්ලති.

එසේ නොවුනහොත් ඇල්ල පහල පාලම වල පල්ලටම යනවා.යැයි ප්‍රදේශවාසින් කියති.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories