අලි අතුන් සහ නර්ථන කණ්ඩායම්වල යම් සීමාවක් තිබුණත් චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යයට දායකත්වය ලබා දෙන බව සමස්ථ ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි.

කොරෝනා කොවීඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ගණනාවක් ක්‍රියාත්මක වන නමුත් එය ඇසළ පෙරහැර මංගල්‍යයට කිසිදු බාධාවක් නොවන බව එම සංගමයේ සභාපති ගයාන් හීන්කෙන්ද මහතා මහනුවර නාථ දේවාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කීවේය.

බිම නිදා ගැනීම්, බිම පෙරළීම් වැනි ක්‍රියාවන්හි නිරතවන නර්ථන අංග සිදුනොකරන ලෙසට සෞඛ්‍යඅංශවලින් උපදෙස් ලැබුණු බවත් ඒ උපදෙස් පිළීපදිමින් අදාලා නර්ථන අංග සිදුකරන බව කී ඒ මහතා මෙසේ ද කීහ.

නර්ථන ශිල්පීන් ප්‍රවේශ කර ගනු ලබන්නේ එක් දොරටුවකින්. ඔවුන් සියල්ල පරීක්ෂා කරන අතර නර්ථනයේදී මුඛ ආවරණය පැළදිය යුතු වන්නේ නැහැ.

නර්ථන ශිල්පීන්ගේ සීමාවක් තිබුණත් මෙවර අලි ඇතුන් සහභාගීකරවීමේ සීමාවක් නොමැති බවත් ඒ අනුව පරිපූර්ණ පෙරහැරක් වශයෙන් අලි ඇතුන් උපරිම ප්‍රමාණයක් සහභාගීකරවා ගැනීමට අපේක්ෂා කරන බව සමස්ථ ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති ගයාන් හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර‍

 

 

More Stories