law

ඉදිරියේදි අධිකරණ වල නඩු කටයුතු සම්බන්ධයෙන් විශාල තදබදයක් මෙන්ම ප්‍රමාදයක් ඇති විය හැකි බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

කොරෝනා වසංගතය නිසා මේ දිනවල අධිකරණ වල සියලුම කටයුතු සිදුවන්නේ නැත. ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය කළ විමසිමකදි නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

යම් කිසි තෝරාගත් දින වල අධිකරණ කටයුතු සිදු වුවද එහිදි සිදු වන්නේ ඇප තැබිම සම්බන්ධ කටයුතු බවත් සිවිල් නඩු කිසිසේතම සිදු නොවන බවත් දෛනිකව කැඳවන නඩු කැඳවීමක් නොකරන බවද ඔහු පවසයි.

මෙරට අධිකරණයේ නඩු ප්‍රමාද වීම වසර ගණනාවක සිට පැවතියත් මේ තත්ත්වය හමුවේ අධිකරණ වල නඩු කැඳවීම තාවකාලිකව ඇණ හිටිමෙන් ඉදිරියේදි අතුරු ගැටලු රාශියක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ශානිකා මාධවී

More Stories