ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට මේ රටේ අති බහුතර ජනතාවක් පෙල ගැසෙමින් සිටින බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 27වන දින මේ බව පැවසු පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙයට වසර දෙකකට පමන කාලය තුලදි මේ රට තුල තිබු අදුරු යුගය මේ රටේ ජනතාවට හොදට මතකයි එදා තෙල් පොලිම්වල, ගෑස් පොලිම්වල, කිරිපිටි පොලිම්වල, පැය ගනන් ගත කිරිමට සිදු වුනා මේ හැටන්වලත් ලාම්පුතෙල් පොලිමේ සිටි එක් අයකු මිය ගියා ඒ වගේ ලංකාව පුරා මෙසේ පොලිම්වල හිටි කිප දෙනකු මිය ගියා.
එත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තට පස්සේ එතුමා තුල තිබු දක්ෂකම තම ලෝකයේ විවිධ රටවල් සමග එක්ව එම පොලිම් ක්‍රමය නතර කරලා ජනතාවට අවශ්‍ය බඩු භාන්ඩ කිසිදු කරදරයකින් තොරව ලබා ගන්නට හැකි වතාවරනයක් උදාකර දුන්නා.
අද වන විට මේ රටේ රථ වාහන ලක්ෂ හැටක් පමන තියෙනවා එම ලක්ෂ හැටම දන්නවා එදා තම වාහනයට තෙල් ටිකක් ගන්න තිබුන අමාරුව එම රථ වාහනවලින් ලක්ෂ තිහක් අයින් කරලා ලක්ෂ තිහක් ගන්න එම රට වාහන හිමි ලක්ෂ තිහ අයත් පවුල්වල ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුනත් එතනම ඡන්ද ලක්ෂ හැටක් ඔහුට ලැබෙනවා.
අද සමහර අය කියනවා රට හදන්න මට දෙන්න මට දෙන්න කියලා එත් එදා ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අර්බුද හමුවේ මේ රට බාර ගන්න කීවිට එය බාර නොගෙන පැනලා ගියා එහෙම පැනලා ගියපු අය දැන් රට හදන්න ඉල්ලනවා මේ අයට තිබුනානේ එදා පැනලා යන්නේ නැතිව මේ රට බාර ගෙන ඒ අයගේ වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කරන්න.
මේ අය එදා පැනලා යන විට එදා පැවති අභියෝග හමුවේ මේ රට බාර ගැනිමට ඉදිරිපත් වුනේ රනිල් වික්‍රමසිංහ මහතායි එදා අභියෝග රැසක් මත රට බාර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක කාලයක් තුලදි මේ රට සංවර්ධනය කිරිම පිලිබදව ලෝකයේ බොහෝ රටවල් විමතිය පල කරනවා.
එවන් තත්වයන් මත අද කවුරු කොහොම කිවත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවගේ ඡන්දයෙන් නැවත ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ඉර පායන සේම විස්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts