corona

ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වුවද රටේ සෙසු ප්‍රදේශවලට එය ව්‍යාප්තව ඇති බවට කරුණු තහවුරු වී නැතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙරට ඩෙල්ටා ව්‍යාප්තියේ අවදානම් සති දෙකට මේ වන විට පැමිණ ඇති බවද හෙතෙම පැවසීය.

More Stories