ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග සමහර ඉන්ධන හල් වසා තිබු නිසා රථ වාහන හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ මෙම ප්‍රදේශයේ ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග අවුරුදු සමය තුලදිද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ඉන්දන හල් හිමියකු ඇතුළු සේවකයින් කිප දෙනකු පවසන ලද්දේ ඉන්ධන නොමැති විමෙන් ඉන්දන හල් වසා දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

ඉන්ධන හල්වල ඉන්දන නොමැති වුවද සමහර ඉන්ධන හල් අසල ඉන්දන බවුසරු පැමිනෙනු ඇතැයි සමහර රථ වාහන පොලිමේ තබා සිටින අයුරුද දක්නට හැක.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories