oil

සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ.

යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි.

ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක්ද,කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති.

මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ නොවද බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

බැරල්, බූලී සහ ප්ලාස්ටික් ටැංකි වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බවයි.

 

Similar Posts