ඉරානයේ ප්‍රබලතම හමුදා ඛාණ්ඩය ලෙස සැලකෙන “ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත.

කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස් නිලධාරීන් ට සහ ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ නිලධාරීන් ට කැනඩාවේ සංචාරය කිරීමට අවස්ථාව නොලැබෙන අතර ඉරානයේ යුද, දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයන් සඳහා ඉරාන විප්ලවීය හමුදාව දැඩි ලෙස මැදිහත් වෙයි.

Similar Posts