makunudal

හම්බන්තොට සිට අම්පාර දක්වා ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේ මකුළු දැල්වලට සමාන යමක් ගුවනින් පතිත වී තිබෙනවා. හම්බන්තොට සූරියවැව, වල්සපුගල, නබඩගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉහළ අහසේ මෙම දැල් විශේෂය දිස්වූ බව යි වාර්තා වෙන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකින් ද මෙම මකුළු දැල් වැනි විශේෂය හමු වී තිබෙනවා. රජගලතැන්න, ගල්කන්ද ඇතුළු ගම්මානවල ජනතාව සඳහන් කළේ, වරින් වර මෙම දැල් අහසේ සිට පාවී ආ බව යි.

මහියංගනය නගරාසන්න ප්‍රදේශවලින් ද මෙම දැල් හමුවී තිබුණා. අහසින් වැටුණු බව කියන මේ ද්‍රව්‍ය කුමක් දැයි කළ විමසීම්වල දී මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ස්වාභාවික ක්‍රියාවලියක් වන බව යි.

මේ අතර සිරියාවෙන් 2012 දී මෙවැනි සිදුවීමක් වාර්තා  වූ බව නිවුස් ෆස්ට් වාර්තා කරනවා. ඒ පිළිබඳව ප්‍රසිද්ධ කර ඇති විද්වත් ලිපියක් උපුටා දක්වමින් නිවුස් ෆස්ට් සඳහන් කළේ රේඩාර් තරංගවලට හසු නොවන අයුරින් යුද ගුවන් යානා පියාසර කිරීමට මකුළු දැල් වැනි ද්‍රව්‍යයක් ගුවනට මුදා හරින බව යි.

ඒවා ෆයිබර් හා ප්‍රෝටීන් යොදා ගෙන සකස්කර ඇති අතර ගුවනේ සිට මුදා හැරීමෙන් පසුව කුඩා කැබලිවලට කැඩී විසිරී යන බව එම ලිපියේ සඳහන්. මෙවැනිම ද්‍රව්‍ය 1990 සහ 1993 කාල සීමාවේ කොඒෂියාවෙන් ද හමු වූ බව එහි සඳහන්.

මේ දිනවල ලංකාවේ යුධ අභ්‍යාසයකට එක්ව සිටින ඉන්දීය හමුදාව රැගත් ගුවන් යානයක් පසුගියදා මත්තල ගුවන් තොටුපොළට පැමිණීම ද සිදු වුණා.

More Stories