මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 300 ක් හඳුනා ගැනීමත් සමග ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 463 කි.

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1980 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

මේ අතර කොරෝනා අසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

අසත්‍ය ප්‍රචාර සිදු කරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කළේ ය.

More Stories