President meets Elon Musk, discuss implementation of ‘Starlink’ in Sri Lanka

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි.

එහිදී ශ්‍රී ලංකා තුළ ඔහුගේ ව්‍යාපෘතියක් වන Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ.

ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර ඉන්දුනීසියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී (United In Diversity Bali Campus) පැවැත්විණ.

Similar Posts