ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන පාලනය විසින් මාස කිහිපයක සිට සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

මේ අතර බී.බී.සී. පුවත් සේවයද වාර්තා කර සිටියේ, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි.

Similar Posts