aresst

වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා බව හඟවමින් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගෙන්  මුදල් ලබා ගත් වංචනිකයෙකු වීරකැටිය පොලිස් ස්ථානාධිපති වරයා  විසින්ම ඊයේ (15) දින මහනුවර ප්‍රදේශයේදී  අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත්ව ඇත්තේ  මහනුවර අංකුඹුර පොලිස් වසමේ උඩකිතුල්ගොල්ල ගල්හින්න ප්‍රදේශයේ පදිංචි 32 වියේ පසුවන අයෙකි.පොලීසිය සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ අත් අඩංගුවට පත් තැනැත්තා දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රසිද්ධ පුද්ගලයන්, ආයතන ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් ලෙස රගපා විවිධ පුද්ගලයන්ට හා ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඊසි කෑෂ් හරහා මුදල් ලබාගත් අයෙකු බවයි.

අත් අඩංගුවට පත් සැකකරු  වීරකැටිය පොලිස් ස්ථානාධිපති වරයා වශයෙන් වීරකැටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට  දුරකථන ඇමතුම්  දී මුදල් ලබාගෙන ඇතැයි පොලීසිය විසින් අනාවරණය කොට ගෙන තිබේ.

වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා  ඉකුත්  05 දින කොළඹ අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පැවති නඩුවකට සහභාගීවීම සදහා ගොස් ඇති බව දැන ගෙන ඇති සැකකරු කොළඹ ගොස් එන අතර තුරදී තමන් ගේ වාහනයේ ටයරක් පුපුරා ගොස් ඇතැයිද  අළුත් ටයරයක් මිලදී ගැනීම සදහා ඊෂි කෑස් හරහා මුදල් එවන ලෙසට වීරකැටියේ ව්‍යාපාරියන් තිදෙනෙකුට දුරකථන ඇමතුම් දී තිබේ.

ඒ අනුව ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට පත් සැක කරුට ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් රුපියල් 15000 ක් යවා  ඇතැයි පොලීසිය පවසයි.එක් ව්‍යාපාරිකයෙකු මුදල් දීම ප්‍රතික්ෂේප කොට තිබේ.

සිද්ධියට මුහුණ දුන් ව්‍යාපාරියන් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට සැක කරු අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මොණරාගල, කුලියාපිටිය, අලව්ව, නාවුල, රඹුක්කන, තබුත්තේගම, කැකිරාව, හබරාදුව, නිකවැරටිය, නොරොච්චෝලෙ ඇතුළු ප්‍රදේශ රැසක  විවිධ පිරිස් රවටා මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය කරගත් බව පොලීසිය පවසයි.තමන් මෙසේ කොපමණ මුදලක් ලබා ගත්තාදැයි කිව නොහැකි බවද මතකයේ නොමැති බවද  සැකකරු පවසා ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු අද (16) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය .

රන්න – චන්ද්‍රසේන ගමගේ

More Stories