curfew

දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද පෙරවරු හයට තාවකාලිකව ඉවත් කෙරුණා.

ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.

කොළඹ , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ ඉවත් කෙරුණු ඇඳිරිනීතිය පස්වරු දෙකට යළි බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.

යාපනය , මහනුවර , කොළඹ , ගම්පහ , කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

කොරොනා ව්‍යාප්තිය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.

කළුතර, අටලුගම සහ මහනුවර අකුරණ හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීම තවදුරටත් බලාත්මකයි.

More Stories